ඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළා.
එහෙත් දිගටම වංචා හා දූෂණ හෙළිකරමින් හා රටේ පරිසරය රැක ගැනීමට දායකවී මහජන නියෝජිතයෙකුටත් වඩා රටට සේවය කරන බවද ප්‍රකාශ කර සිටියේය.
මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන්, රැලි හා සම්මන්ත්‍රණ පවත්වන බවත් මෙහි පළමු රැලිය එළඹෙන 05 වැනිදා අම්පාර මහඔය නගරයේදී පැවැත්වීමට නියමිත බවද කියා සිටියේය.