ශ්‍රී ලංකාවේ කොළඹ වරාය අතුළුව වරායන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරනවා.
මේ වසරේ ගෙවුණ මාස 10ක කාලයත් තුළ කොළඹ වරායට පැමිණ ඇති සංචාරක මගී ප්‍රවාහන නෞකා ගණණ 45ක් වන අතර එය පසුගිය වසර හා සැසදීමේදි නෞකා 10ක වර්ධනයකි.
2017 තුළ හම්බන්තොට වරායද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණ අති නෞකා සංඛ්‍යාවය 58කි.