News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

හිටපු ජනපති කියු විශේෂ කතාව

578 Views


හිටපු ජනපති කියු විශේෂ කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (1) විශේෂ ප්‍රකාශයක් මුද්‍රිත මාධ්‍යය වෙත නිකුත් කර තිබෙනවා.එම නිවේදනය පහතින් දැක්වේ.

කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්‍ෂ සිටින එකම රට ලංකාවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 හා 26 අතර නාමයෝජනා භාර ගැනීමටත්, 2019 ජනවාරි 5 වෙනිදා ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වන දාමුල් වරට රැස්වීමටත්, දින වකවානු සියල්ලම නියම කරලයි තිබුණෙ. ඒ අනුව කටයුතු සිදුවුණානම් ඉතාම කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වෙනවා.

2017 නොවැම්බර් මාසයේදීත් පළාත් පාලන ඡන්දය පවත්වනවට විරුද්ධව පෙත්සම්කරුවන් පිරිසක් අභියාචනාධීකරණයට යෑම නිසා පළාත් පාලන ඡන්දයත් දින නියමයක් නැතුව කල් යෑමේ අවදානමක් මතුවුණා. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නඩු නැති පළාත් පාලන ආයතන වලට හෝ ඡන්ද පවත්වන බව ප්‍රකාශ කෙරුවාම පැවති ආණ්ඩුවට අකමැත්තෙන් වුනත් ඒකට එකඟවෙන්න සිදු වුණා. උසාවියට ගිය පෙත්සම් කාරයොත් හෙමින් සීරුවේ නඩු ඉල්ලා අස්කර ගන්තා. එතනදී දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් උසාවි ක්‍රියාදාමය අවභාවිතා කිරීමක් පැහැදිලිව පෙනෙන්න තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post