News Line| Off Air
Generic placeholder image

Dec
4

තහනම් නියෝගය මම පිළිගන්නේ නෑ රටේ අගමැති තවමත් මමයි – මහින්දගෙන් ප්‍රකාශයක්

762 Views


තහනම් නියෝගය මම පිළිගන්නේ නෑ රටේ අගමැති තවමත් මමයි – මහින්දගෙන් ප්‍රකාශයක්

කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවත් ඒ වෙනුවෙන් අද (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මහින්ද රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලා.මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ මෙසේද සඳහන්වේ.,

කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයට අපි එකඟ නොවන්නෙමු.

එයට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී අපි කටයුතු කරමින් සිටින්නෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.

රටෙහි දේශපාලන ස්ථාවරභාවය ආරක්‍ෂා කිරීම සඳහා වූ අරගලය එනම්, මහමැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙළ වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය වන බැවින් ඒ සඳහා කැපවන ලෙසද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

මව්බිමට ඇති ආදරයද, නීතියට ඇති ගෞරවයද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවයද පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව, ධෛර්ය සම්පන්නව සහ වගකීම් සහගතව ඔබ ඔබගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරන්නෙමු.


News Articles
Latest Videos
Most Popular Post