News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

මහින්දගේ රාජයෝගය මැරෙනකම් තියනවා හැබැයි මට තියෙන්නේ සිකුරු වෙල්ගම කියයි

706 Views


මහින්දගේ රාජයෝගය මැරෙනකම් තියනවා හැබැයි මට තියෙන්නේ සිකුරු වෙල්ගම කියයි

“අපි කලබල වෙන්න ඕන නැහැ මහින්ද මහත්යාගේ කේන්දරේ තවමත් හරිම බලවත් . එතුමාට රාජ යෝගය මැරෙන කල් නළලේ කොටල තියෙනවා. මගේ කොටල තියන්නේ සිකුරු යෝගයයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම බදුල්ල නිව්ටුවරිස්ට් හෝටලයේදී ඊයේ පැවැති පොහොට්ටුවේ පාක්ෂික හමුවකදි මේ බව පැවසුවා.

එහිදි වෙල්ගම මෙසේද කියා සිටියේය.

“හම්බන්තෝට වරාය ,චීනුන්ට විකුණනවාට අපි විරුද්ධ උනාම එදා ඒ ආණ්ඩුවේ ඇමතිවරයා කිව්වා නැහැ . මම මේක මේකට අත්සන් කරන්නේ නැහැ කියල .

ඒ ඇමතිවරයා ලංකාවට ලොකු ගෞරවයක් ලබාදීපු ලෝකපූජිත ක්‍රීඩකයෙක්. එයා මේ ගිවිසුමට අත්සන් කරන්න බැහැකියල කිව්වම එයා එම ඇමති කමින් ඉවත්කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් දාලා ඒ ගිවිසුම අත්සන් කළා . ඒවිතරක් නොවෙයි ඒ සදහා වූ චෙක්පත රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක එකතුවෙලා මාධ්‍ය යෙන් පෙන්නුවා .

ඒ පෙන්නපු ඇමතිවරයාත් එක්ක වෙල්ගමට ගිහිල්ලා එකට වාඩිවෙන්න පුථවන්ද ? කියල මම තමුන්නාන්සේලාගෙන් අහනවා.”


News Articles
Latest Videos
Most Popular Post