News Line| Off Air
Generic placeholder image

Dec
4

අපි අද අපේ අමාත්‍යාංශවල රාජකාරි කරන්න යනවා රාජිත ගාල්ලේදී කියයි

969 Views


අපි අද අපේ අමාත්‍යාංශවල රාජකාරි කරන්න යනවා රාජිත ගාල්ලේදී කියයි

රනිල් වික්‍රමසිංහගේ රජයේ හිටපු සියලු ඇමතිවරු හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම සහ පසුගියදා පත්කළ කැබිනට් මණ්ඩලය තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක්දී තිබෙන බවත් පෙර තිබූ ඇමතිධූර රජය එලෙසම පවත්වාගෙන යන බවත් රාජිත සේනාරත්න ඊයේ ගාල්ලේදී පැවසුවා.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ යුක්තියේ ජනහඬ රැළියේ දී අදහස් දක්වමින්.

‘‘උසාවිය දැන් තීරණය කරලා තියෙනවා සිරිසේනගේ මරා නෑ. සිරා විතරයි. දැන් අපි එනවා රජ ගෙදරට. අපේ අගමැතිතුමයි අපියි වැඩේ බාරගන්නවා. හෙට උදේ අපි යනවා අමාත්‍යාංශවලට, උසාවියත් අවසර දීලා, පාර්ලිමේන්තුවත් අවසර දීලා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට අගමැතිකම්, ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් තහනම් කරලා ආණ්ඩුවක් ගෙදර යවපු පළමුවෙනි වතාව.

කොහොමද සිරිසේනගේ වැඩේ. දැන් මමයි බැනුම් අහන්නේ. දැන් ජනමාධ්‍යයට කියනවා දැන්වත් පිටකොන්ද ගන්න. දැන්වත් කියන්න මහින්ද රාජපක්ෂ මන්ත්‍රී කියලා මහින්ද රාජපක්ෂට දැන් අගමැතිකම් නෑ. සත්‍යය ජයගන්නවා. මේ අපේ මාතෘ භූමිය. මේකේ සෙල්ලම් දාන්න බැහැ. තවත් සෙල්ලම් කරන්න ආවොත් අපි යනවා ජනාධිපති කාර්යාලයත් වටලනවා. අපි ලෑස්තියි ඕන ජාතියකට.‘‘ යැයි සේනාරත්න මහතා පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post