News Line| Off Air
Generic placeholder image

Dec
5

වෙල්ගම අද පාර්ලිමේන්තුවට

1443 Views


වෙල්ගම  අද පාර්ලිමේන්තුවට

අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

කෙසේනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී   කුමාර වෙල්ගම මහතා  අද තනිවම පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටි අතර එහිදී ඔහු සඳහන් කළේ සිය වෙනත් කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණි බවයි. කෙසේ නමුත් වෙල්ගම මහතා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිව සිටියේ නැත.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී  පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ද පාර්ලිමේන්තු පරිශ්‍රයට වැඩමකර සිටියද උන්වහන්සේ  ද අද දින සැසිවාරය සඳහා සහභාගී වුයේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post