News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

අවුරුදු 82ක් පැරණි වාර්තාවක් පකිස්තාන ක්‍රීඩකයෙක් බිඳ දමයි

739 Views


අවුරුදු 82ක් පැරණි වාර්තාවක් පකිස්තාන ක්‍රීඩකයෙක් බිඳ දමයි

අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද වාර්තා අතරට එක්උනා.ඒ නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තානය අතර අබුඩාබි හි පැවැත්වෙන ටෙස්ට් තරගයේදීයි.

යසීර් තරග 33කදී ටෙස්ට් කඩුලු 200 පසුකළ අතර ඊට පෙර එම වාර්තාවට තරග 36කදී ටෙස්ට් කඩුලු 200ක් දවාගත් ඔස්ට්‍රේලියාවේ ක්ලැරී ග්‍රිමෙට්ය.ඒ අනුව යසීර් ෂා බිඳ දැමුවේ වසර 82ක් පැරණි වාර්තාවක්. ඔහු ටෙස්ට් තරග 37කට ක්‍රීඩා කරමින් කඩුලු 216ක් දවාගෙන තිබිණි.

ක්ලැරි මෙන්ම යසීර්ද පාදඟ පන්දු යවන්නේ වෙයි. ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට එම සීමාව පසුකර යෑමට තරග 42ක් වැය වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post