News Line| Off Air
Generic placeholder image

Dec
10

ඇමතිවරුගේ සියළුම දීමනා කපයි, අමාත්‍යාංශ වෙත STF ආරක්ෂාව

2571 Views


ඇමතිවරුගේ සියළුම දීමනා කපයි, අමාත්‍යාංශ වෙත STF ආරක්ෂාව

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන සියලු දීමනා තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.ඒ අනුව අමාත්‍යවරුන්ට ගෙවන දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියලු ගෙවීම් අභියාචානාධිකරණ තීන්දුවෙන් පසු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර සඳහන් කලා.

එසේම අමාත්‍යවරුන්ගේ බලතල ඉවත් කර ඇති නිසා සියලු කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පමණක් සිදුකරන ලෙස සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දන්වා ඇති බවද සඳහන්. මේ හේතුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය අවශ්‍ය අවස්ථාවල එම අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීම නිසා ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකි බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා පෙන්වා දෙන්නේ.මේ හේතුවෙන් ඒ ඒ අමාත්‍යාංශ යටතේ ආරම්භ කිරීමට නියමිතව නව ව්‍යාපෘති ප්‍රමාද වීම සිදුවෙමින් ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා.මේ අතර සියලු අමාත්‍යාංශ වෙත තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව සපයා ඇති බවද සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post