News Line| Off Air
Generic placeholder image

Dec
10

කඩුවෙල මහ නගර සභාවෙන් රටටම දුන් ආදර්ශය

781 Views


කඩුවෙල මහ නගර සභාවෙන් රටටම දුන් ආදර්ශය

කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් මහතාගේ නිළ රථය වෙනුවෙන් වෙන් කළ මුදල් වලින් කොටසක් වැයකර කඩුවෙල මහ නගර සභාව සඳහා නවීන ට්‍රැක්ටර් රථ හයක් මිලට ගෙන තිබෙනවා.ඒ පිළිබදව සමාජ ජාල වෙබ් අඩවි තුල මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ ජනතා මුදල් අවභාවිත කරන පාලකයින් බහුතරයක් සිටින රටක මෙවන් සත්ක්‍රියාවක් කිරීමට පාලකයෙකු ඉදිරිපත් වීම නිසයි.

එසේම ඔහු මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ‘‘කඩුවෙල අලුත් ආරක‘‘ තම තේමාව යටතේම මෙම ක්‍රියාව සිදු කළ බවයි

එම සටහන පහතින්

කඩුවෙල අලුත් ආරක , මාගේ තේමාව යටතේම මා හට ලබා දීමට නියමිතව තිබු නිල රථයට වෙන් කල මුදලින් හරි අඩක් වියදම් කොට කඩුවෙල මහ නගර සභාවේ කසල ප්‍රවාහනය සදහා නව ට්‍රැක්ටර් රථ 06ක් අද දිනයේදි මහ නගර සභා ප්‍රරිශ්‍රයට ගෙන්වූ මොහොත…
ජනතා මුදල් ජනතා සේවයට


News Articles
Latest Videos
Most Popular Post