News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

නාගදීප නාම පුවරුවට රතු තීන්ත ප්‍රහාරයක්

898 Views


නාගදීප නාම පුවරුවට රතු තීන්ත ප්‍රහාරයක්

යාපනය නාගදීපයට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසනවා.කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකර ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංග්‍රිසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත කිසියම් පිරිසක් විසින් ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් අදාළ රතු තීන්ත ගා ඇති පිරිස් මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවද කයිට්ස් පොලීසිය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post