ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ කොටගත් නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ එහි ලකුණ සහ නම පිළිබඳ මේ වනවිට ද සාකච්ඡා සිදු වන බවයි. එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම මෙම සන්ධානයේ ප‍්‍රධාන අරමුණ බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස අවධාරණය කර සිටියා.
නව සන්ධානයේ නායකයින් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.