News Line| Off Air
Generic placeholder image

Dec
10

ඉදිරි පැය 48 ඇතුළත දැවැන්ත හෙළිදරව් කිරීමකට සූදානම් – නාමල් කුමාර

2812 Views


ඉදිරි පැය 48 ඇතුළත දැවැන්ත හෙළිදරව් කිරීමකට සූදානම් – නාමල් කුමාර

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු විසින් මෙරට තුළ සිදු කිරීමට සැලසුම් කරන ලද ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ඉදිරි පැය 48ක කාලය තුළ හෙළි කරන බව දූෂණ විරෝධී බළකාය සඳහන් කරනවා.මෑතකදී සිදු කරන ලද මෙම සැලසුමට අදාළ හඬපටලබන 12 වැනිදා පොලීසියට භාරදීමට කටයුතු කරන බවද එම සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර ඳහන් කලා.

නාලක ද සිල්වා නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු කරන සමයේදී මෙම හඬපට ලබා දුන්නද, ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඔහු පවසා සිටියේය.ආගමික ස්ථාන මුල්කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කළ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු මෙම හඬපට තුළින් තහවුරු වන බවත්, අදාළ කුමන්ත්‍රණය රුපියල් ලක්‍ෂ 150ක මුදලකට සිදු කිරීමක් පිළිබඳ සඳහන් වන බවත් නාමල් කුමාර සඳහන් කළේය.එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු සාමාජිකයා මේ වන විට දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වී කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය. මේ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාව පිළිබඳ රටට හෙළි කරන බවද ඒ ඔහු පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post