News Line| Off Air
Generic placeholder image

Dec
11

අකිලගේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්න බෑ කි‍්‍රකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

780 Views


අකිලගේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්න බෑ කි‍්‍රකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අකිල ධනංජයගේ පන්දු යැවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ඔහුට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ගත හැකි එකම පියවර වනුයේ ඔහු සිය පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කර යළි පරීක්ෂණය සඳහා පෙනී සිටීම පමණක්  බවයි.

එතෙක් අකිල ධනංජයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසරය මත දේශීය තරගවලට පමණක් සහභාගිවීමට අවස්ථාව හිමිව තිබෙනවා.

මෑත කාලයේ දක්ෂතා දැක් වූ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අතරින් ඉදිරියෙන් පසු වූ අකිල ධනංජය 2019 ලෝක කුසලානය පිළිබඳව ඉහළ බලාපොරොත්තු දල්වා සිටියා. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධි බවට චෝදනා එල්ල වූයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි.

අනතරුව ඔහු ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර පන්දු යැවීමේ ඉරියව් පිළිබද පරීක්ෂණයකටද ධනංජය  එක් වුණා. අකිල ධනංජය අන්තර්ජාතික කි‍්‍රකට් වරම් දිනා ගත්තේ 2012 වර්ෂයේ පැවැති 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදීයි.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට වසර 06කට පසු චෝදනා එල්ලවීම විමතියකට කරුණක් බවයි කි‍්‍රකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙම වසරේදී වැඩිම එක්දින කඩුලූ සංඛ්‍යාවක් දවා ගත් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේද අකිල ධනංජයයි. මෙම වසරේ එක්දින තරග 16කට කී‍්‍රඩා කර ඇති ඔහු බිද හෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 28 ක්.


News Articles
Latest Videos
Most Popular Post