ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් නොබෙදුණ ශ්‍රී ලංකාවක් තුළ සෑම දෙනෙකුටම පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ සිටියා.
ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ සිදු කළා.
” ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය කිරීමට ලැබුණ සහායට ස්තූතියි. ව්‍යවස්ථාව තමයි රටක ප්‍රධාන නීතිය. ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්නයි අපි ඔක්කොම කියන්නේ.
හැම කෙනාම කියන්නේ ව්‍යවස්ථව අනුව කටයුතු කරන්න කියලයි. මන්ත්‍රීවරු 122ක් සභාවේ බලය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙනවා. අපේ වැරදි තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතු වී කටයුතු කළ නිසා අපිට වේගයෙන් යන්න බැරිවුණා.