News Line| Off Air
Generic placeholder image

Dec
12

රනිල්ට විශ්වාසය පලකිරීමේ යෝජනාව ජන්ද 117 කින් සම්මතයි

1126 Views


රනිල්ට විශ්වාසය පලකිරීමේ යෝජනාව ජන්ද 117 කින් සම්මතයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජන්ද 117-0ක් ලෙස සම්මත වුවා.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිය ජන්දය ප්‍රකාශ කල අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ සහ මනුෂ නානායක්කාරද මෙම යෝජනවාට පක්ෂව ජන්දය ලබා දෙනු ලැබුවා. මෙම යෝජනාව සඳහා ඉලේක්ට්‍රෝනික ජන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.

අද දිනයට නියමිත සභා වාරය අවසන් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 18 වෙනිදා දහවල් 1.00 දක්වා කල් තබන බවට කථානායක කරු ජයසුරිය මහතා  නිවේදනය කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post