News Line| Off Air
Generic placeholder image

Dec
12

IPL වල ලොකු ගණනකට වෙන්දේසි වන අපේ ක්‍රිඩකයෝ

1294 Views


IPL වල ලොකු ගණනකට වෙන්දේසි වන  අපේ ක්‍රිඩකයෝ

ලොව සුප‍්‍රකට ක‍්‍රිකට් තරගාවලියක් වන IPL තරගාවලිය සඳහා තෝරා ගැණුනු අවසන් ක‍්‍රීඩකයින් 346 දෙනෙකුගේ ලැයිස්තුවට ශ‍්‍රී ලංකාවෙන් දෙදෙනෙකු ඇතුළත් ව  තිබෙනවා.

ඒ, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්.

මෙම ක‍්‍රීඩකයින් 346 දෙනා තෝරා ගැණුනේ ක‍්‍රීඩකයින් 1003 දෙනෙකු අතරිනුයි .

තෝරාගත් පිරිසට ඉන්දීය ක‍්‍රීඩකයින් 226 දෙනෙකුම අයත්. එහෙත් මෙවර ඉහළම වටිනාකම ලෙස මූලික අදියරේ මිල ගණන් ප‍්‍රකාශ කිරීමේදී ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට ලන්සු තබා ඇත්තේ ක‍්‍රීඩකයින් 09 දෙනෙකුට පමණයි.

ඒ අතරට ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද අයත්. IPL ක‍්‍රීඩක වෙන්දේසිය ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතව තිබෙනවා .


News Articles
Latest Videos
Most Popular Post