News Line| Off Air
Generic placeholder image

Dec
13

ජනපතිට එරෙහිව දෝෂාභියෝගක්…?

1693 Views


ජනපතිට එරෙහිව දෝෂාභියෝගක්…?

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

“ජනපති දැන් වැරදි කාරයෙක් වෙලා ඉවරයි. රටේ මුල් පුරවැසියා වැරැද්දක් කළා කියලා ඔප්පුවෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැති ධූරය ලබා දිය යුතු වෙනවා. ඒ අනුව අලුත් ආණ්ඩුවක් පත්කිරිමත් වහාම සිදුවිය යුතු වෙනවා. නැත්නම් විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවෙනවා. වහාම ආණ්ඩුවක් පත්කිරිමට කටයුතු කළ යුතුයි.අධිකරණය දුන් තින්දුවක් එක්ක ජනතාව ඉදිරිය ක්‍රියාමාර්ග ගනීවි. ජනපතිට දෝශාභියෝගවක් ගේනන පුළුවන්. මේ තීන්දුව ප්‍රමාණවත්. බලමු ඉදිරියට මේ වගේ විකාර වැඩ කරනවානම් එවැනි තත්තත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් එය අනුමත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕන”


News Articles
Latest Videos
Most Popular Post