News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

මත්පැන් පෙරන ස්ථානය පෙන්වන්නැයි බලකරමින් පහරදීලාල පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුගේ මියයෑම ගැන ප‍්‍රදේශවාසීන් කියයි

551 Views


මත්පැන් පෙරන ස්ථානය පෙන්වන්නැයි බලකරමින්  පහරදීලාල පොලිස් අත්අඩංගුවේ පසුවූ  සැකකරුගේ මියයෑම ගැන ප‍්‍රදේශවාසීන් කියයි

ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් නිසා කටුවන පොලිස් ස්ථානයේ දේපොළවලට අලාභ සිදුව තිබෙනවා. පොලිස් ස්ථානය වටලා විරෝධතාවක නිරත වූ පිිරිසක් පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

කටුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනු සැකකරුවෙකු ඊයේ (12) පස්වරුවේ මියයාමට විරෝධය පළකරමින් මෙම පිරිස පොලිස් ස්ථානය වටලා තිබෙනවා.

මියගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් බවයි පැවසෙන්නේ.

අදාළ මත්පැන් පෙරෙන ස්ථානය පෙන්වන මෙන් බලකරමින් පොලීසිය ඔහුට පහරදී ඇතැයිද විරෝධතාවේ නිරත වූ පිරිස් පැවසුවා.

ඔවුන් කටුවන පොලිස් ස්ථානය ඉදිරිපිට ටයර් ද පිළිස්සූ බවයි වාර්තාවෙන්නේ. මෙම පිරිස විසුරුවා හැරුණේ අතිරේක පොලිස් බලඇණිද යොදා ගනිමින්. කදුළු ගෑස් හා බැටන් ප‍්‍රහාරද එහිදී එල්ල කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post