News Line| Off Air
Generic placeholder image

Dec
14

වසර 40ක සේවා දිගුව නිමා කරමින් ඊවා වනසුන්දර විශ්‍රාම යයි

715 Views


වසර 40ක සේවා දිගුව නිමා කරමින් ඊවා වනසුන්දර විශ්‍රාම යයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණා

අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ දී අසුන් ගනු ලැබුවේ ඊවා වනසුන්දර බුවනෙක අලූ‍විහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි

ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලය නිමවා අද විශ්‍රාම ලබන බව එහිදී බුවනෙක අලූ‍විහාරේ මහතා නිවේදනය කලා

මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවයි විනිසුරුවරයා සදහන් කලේ

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුද කල අතර වසර 40ක සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බව ද කියා සිටියා

සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුභපැතුම් පළ කලා

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම් අද විභාගයට ගැනීමට නියමිතයි

එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර ඇත්තේ අදාල පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග ගන්නැයි ඉල්ලමින්

එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට නොගන්නා ලෙස ද එමගින් ඉල්ලා තිබුණා


News Articles
Latest Videos
Most Popular Post