News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

නව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක

677 Views


නව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක

නව අග‍්‍රාමාත්‍ය ලේකම් ලෙස යලිත්  සමන් ඒකනායක මහතා පත් කෙරේ.

මීට පෙරද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ සමන් ඒකනායක මහතා ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඔහු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පාරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක්ද ලබා ඇත.

යෞවන කටයුතු, නිවාස, ජනමාධ්‍ය, විදේශ කටයුතු, මුදල් යන අමාත්‍යාංශයන්හි සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ තනතුරු දරා ඇති ඔහු මැලේසියාවේ සහ එංගලන්තයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාල වලද සේවය කර ඇත.

එක්සත් ජාතින්ගේ මානව ජනාවාස වැඩසටහනෙහි ශී‍්‍ර ලංකා මෙහෙයුම් කාර්යාලයේ ප‍්‍රධානියා ලෙසද සමන් ඒකනායක මහතා සේවය කර තිබේ.

 


News Articles
Latest Videos
Most Popular Post