News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

අගමැති රනිල් අරලියගහ මැදුරෙන් යයි

2408 Views


අගමැති රනිල් අරලියගහ මැදුරෙන් යයි

ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව දින 50ක් ගතකල අරලියගහ මන්දිරයෙන් නික්ම වික‍්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගොස් තිබේ.රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ විගසම මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය ඊයේ (16) දහවල්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් ඇත.

ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ඒකරාශී කිරිම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට තීරණය කළ අතර මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය ද මුළු කාළය තුළම එහි ගත කළාය.යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය 2015 ජනවාරි 08 වැනි දා පිහිටුවීමෙන් පසුව ඔක්තෝබර් 26 වැනි දා දක්වා කාලය තුළදී රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත‍්‍රීන් දෙකක් පමණි.


News Articles
Latest Videos
Most Popular Post