තනතුරුවලින් අස්වී යන එක තමන්ට ගැටලුවක් නොමැති බවත් වත්මන් ආණ්ඩුවද පෙරළන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.ඊයේ (16දා) තංගල්ල කාල්ටන් නිවසේදී ජනතාව අමතමින් ඔහු මේ බව සඳහන් කලා.
“රටේ තත්ත්වය දිහා බලලා. රට වෙනුවෙන් මේ බල අරගලය ඉදිරියට ගියොත් ඇතිවන තත්ත්වය පිළිබඳ මේක දීලා ආවා.ඒක ඒ තරම් කාණයක් නොවෙයි. තනතුරුවලින් අස්වෙන එක, අස්වෙලා යන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම දන්නවා මගේ ජනතාව මාත් එක්ක ඉන්නවා කියලා.මේ ආණ්ඩුව බහුතරය පෙන්නුවා. එතුමටත් අපි සුබ පතනවා. දෙවියන්ගේ පිහිටෙන් අපිට එතුමාගෙන් රට බේරගන්න වෙලා තිබෙනවා. එතුමා හිතපු නැති වෙලාවක අපි මේක පෙරලුවා. අපි මේ ආණ්ඩුව පෙරළනවා.ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට ලක්වෙනවා. ආණ්ඩුවේ ඒවානම් ගැටලුවක් නෑ. අනිත් ඒවා ගැන ඒ අය සාකච්ඡා කරලා තියෙනවා.”