ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසනවා.අග්‍රාමාත්‍යධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කතාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.
“අපි මේ ගමන ඉතාමත් ශිෂ්ඨ සම්පන්නව, ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තතත්වයන් තිබෙනවානම් තනි තීන්දු ගන්නේ නැතිව, සාකච්ඡා කරලා ප්‍රශ්ණ විසඳගැනීමට අපි පරිණත දේශපාලඥයින් ලෙස කටයුතු කළ යුතුයි.අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණා ඔබතුමා හදවතින්ම ඉදිරිපත් කළ කරුණු කාරණා. ඒ සියල්ලම හදවතට ගත්තා. ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්න ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝගයක් ගේන්න අපි කතා කළෙත් නෑ. සාකච්ඡා කළෙත් නෑ.ඒවා කරන්න බලාපොරොත්තුවක් නෑ. විවිධ ආවේග ශීලී අවස්ථාවල දේශපාලන උණුසුමත් එක්ක අපෙන් හා අනෙකුත් පාර්ශ්ව වලින් විවිධ උණුසුම් වචන පිටවුණා.
කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නවත් ඔබතුමාගේ දරු පවුලේ සාමාජික සාමාජිකාවන්ට හානි කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ.ඔබතුමා පොඩි තැනකින් ඇවිත් ලොකු පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපතිතුමා නිසා . ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැක ගැනීමට අපි කටයුතු කරනවා.”