News Line| Off Air
Generic placeholder image

Dec
17

මුලතිව් මුහුදු වතුර ගොඩබිමට මුහුදත් වෙනස් ජනතාව නොසන්සුන් වෙයි

1415 Views


මුලතිව් මුහුදු වතුර ගොඩබිමට මුහුදත් වෙනස් ජනතාව නොසන්සුන් වෙයි

එකවරම සාගර ජල ප්‍රමාණය ඉහළ යාම හා මුහුදු ජලය ධීවර වාඩි වෙත ඇදී ඒම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාව කලබලයට පත්ව තිබෙනවා.ඒ හේතුවෙන් සිය ධීවර වාඩිවලින් ඊයේ සවස එම ජනතාව ඉවත් වීමට කටයුතු කර තිබෙනවා. වාර්තාවෙන ආකාරයට එළෙස පැමිණි මුහුදු ජලය තවදුරටත් බැස ගොස් නැහැ.

මුලතිවු නගර කලාපයේ සිට නයාරු ප්‍රදේශය දක්වා සාගර කලාපයේ දැඩි වෙනසක් ඊයේ දිනයේ ඇති වී තිබූ බවද ජනතාව පවසනවා.

මෙම තත්ත්වය මත ඊයේ දින ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටි අතර, සුනාමියක් හට ගැනීමේ අවදානමක් ඇති වේ යැයි ධීවර බෝට්ටු පවා වෙරළෙන් ඉවත් කර ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post