News Line| Off Air
Generic placeholder image

Dec
17

හිටපු ජනපති බිරිද ළමා රෝහලේ නටපු හැටි

955 Views


හිටපු ජනපති බිරිද ළමා රෝහලේ නටපු හැටි

හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමා වගේම ඔහුගේ ආදරණිය බිරිද මිචෙල් ඔබාමාත් ලෝකයෙන්ම කතාබහ කරන චරිතයක්. සැමියා දැන් ජනපති ධුරයේ නැතත් මිචෙල් සමාජ කටයුතු වලින් ඉවත් වී නැහැ. ඒ නිසාම ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙනවා. ඇය ඊයේ Colorado ළමා රෝහලට ගොස් තිබෙනවා. ඒ එම රෝහලේ දරුවන් සමග නත්තලට පෙර නත්තල සැමරීමට. ඇයගේ පැමිණීම ගැන මුළු රෝහලම පුදුමයට පත්ව තිබෙන අතර පැය එකහමාරකට වඩා වැඩි කාලයක් දරුවන් සමග කාලය ගත කර තිබෙනවා.

එහිදී සැමගේම අවධානය යොමුව ඇත්තේ මිචේල්ගේ නර්තනයටයි. එම නර්තනයෙන් අනතුරුව 14 හැවිරිදි රෝගී දැරියක් මිචේල්ගෙන් අසා තිබෙනවා” ඔබ වඩාත්ම කැමති නර්තන අංගය මොකක්ද ..” කියා. එහිදී ඇය හඩනගා සිනාසී පිළිතුරු ලබා දී තිබෙනවා. ඒ ” මම කැමතිම Floss Dance වලට..” කියා. එමෙන්ම දරුවන්ට ලස්සන නත්තල් කතාවක්ද කියා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post