ජපානයේ නැගෙනහිර සපෝරෝ නගරයේ අවන්හලක ප‍්‍රබල පිපිරීමක් සිදුව තිබෙනවා.මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව පිපිරීමත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි වාර්තාවෙන්නේ.
එහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව හතළිස් දෙදෙනෙක්. කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.ගෑස් කාන්දුවක් ඊට හේතු වන්නට ඇති බවටද විශ්වාසය පළ කරන අතර තවදුරටත් පිපිරීම් ඇති වනු ඇතැයි සැකය හේතුවෙන් ගිනි නිවන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමටයි ජපන් රජය පිවවර ගෙන ඇත්තේ.