2015 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන යන අය ජනවාරි මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.
සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළ අතර එය මීළඟ දින සලකා බැලීමට නියමිතයි.අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීම් මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරුණා.