නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අදත් සිදු නොවනු ඇතැයි වාර්තා වනවා.
එක්සත් ජාතික පෙරමුණ ඊයේ පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ බොහෝ විට අද දිනය තුළ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවයි.
එහෙත් කැබිනට් මණ්ඩලය අද දිවුරුම් නොදෙන බව ඊයේ රාති‍්‍රයේ කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පැවසුවා. මේ අතර කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් යෝජනා කෙරෙන නාමලේඛණය ජනාධිපතිවරයා වෙත අද උදෑසන යොමුකර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.
ඊයේ රාති‍්‍රය වනවිට මෙම ලේඛණයට නම් 32ක් ඇතුළත්ව තිබුණු බවද දේශපාලන ආරංචි පැවසුවා.එහෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව කිසියම් එක් පක්ෂයක් විසින් පිහිටුවනු ලබන ආණ්ඩුවක සිටිය හැක්කේ උපරිමව කැබිනට් අමාත්‍යවරුන් තිස්දෙනෙකු පමණයි.