දකුණු කොරියාවේ ගින්නකට කොටුවී සිටි 90 හැවැරිදි කොරියානු කාන්තාවක් බේරා ගත් ශ්‍රී ලංකා ජාතිකයෙකුට දකුණු කොරියාවේ ස්ථර නේවාසිකත්වය හිමිව තිබෙනවා.
2017 වසරේ පෙබරවාරී මාසයේදී මෙසේ වයෝවෘද්ධ කාන්තාවක් බේරා ගනු ලැබුවේ දකුණු කොරියාවේ සේවයේ නිරත නිරමල් සිරි මහතා විසිනුයි.
අද දිනයේදී ඔහුට කොරියානු රාජ්‍යයේ ස්ථර නේවාසිකත්වය හිමිවීමට නියමිතව තිබෙනවා . දකුණු කොරියාව විසින් පසුගිය 13 දා මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
නිමල් 2013 වසරේදී කොරියාවේ සේවයට ගොස් ඇති අතර ඔහුගේ සේවා කාලය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ අවසන්ව ඇතැත් දකුණු කෙරියාවේ ඔහු දිගටම රැදී සිට ඇත.
මේ හේතුවෙන් නීතිවිරෝධීව දකුණු කොරියාවේ රැඳී සිටීම වෙනුවෙන් ඔහු වොන් මිලියන 10ක දඩයක් පැණවීමට නියමිතව තිබුණත් ඔහුගේ වික්‍රමය හේතුවෙන් එම දඩය පැනවීමද අවලංගු කර තිබේ.
දකුණු කොරියාව විසින් ඔහුට ගෞරව නායමක්ද ලබාදුන් අතර එරට G1 වීසද ලබාදුන්නේය. එසේම තවත් වොන් මිලියන 30ක ත්‍යාග මුදලක්ද ලබාදී ඇත.