News Line| Off Air
Generic placeholder image

Dec
19

අතුරු සම්මත ගිණුම සිකුරාදා පාර්ලිමේන්තුවට

588 Views


අතුරු සම්මත ගිණුම සිකුරාදා  පාර්ලිමේන්තුවට

ඉදිරි මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

දැනට පවතින ලෝක ආර්ථික තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සළකා බලා දිය හැකි ජනතා සහන උපරිම ලෙස අතුරු සම්මත ගිණුමට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළා.

එක්සත් ජාතික පෙරමුණු ජාතික සමගි රජය යටතේ ලබන වසරේ පෙබරවාරි අග ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට ජනතා සහන රැසක් ඇතුළත් කිරීමට නියමිතව ඇතැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියා.

එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අයවැය ලේඛනය ඉකුත් නොවැම්බර් 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඔක්තෝබර් 26 වැනි දා සිට ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

 


News Articles
Latest Videos
Most Popular Post