නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට දිනය දක්වා තවදුරටත් කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ සාකච්ඡා කරමින් පැවතීම ඊට හේතුව බවයි එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
ලංකා කම්කරු කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී සංවිධානයට ද රජයට එක්වන ලෙස ආරාධනා කර තිබෙනවා. එම පක්ෂ වල ජ්‍යෙෂ්ඨයන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක, අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සීමා වන අතර, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය එක් අමාත්‍ය ධුරය බැගින් දරන්නේ නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 28 කට සීමා වනු ඇති.