News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

කොටි කොඩි දෙකක් මුලතිවු වෙරළට

941 Views


කොටි කොඩි  දෙකක් මුලතිවු වෙරළට

මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයින් කියා සිටිනවා.

මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් පසුගිය දින දෙක තුළ මුහුදු ගමන් නොගොස් ඇත්තේ මුහුදු රළ රළුවීම නිසා වන අතර ඊයේ දින නැවත මුහුදු ගමන් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී අදාළ කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී තිබෙනවා.

පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ සෙල්වපුරම් මුහුදු වෙරලේ එලා තිබූ කොටි ධජ දෙක රැගෙන ගොස් ඇති අතර අසල සිටි ධීවරයින්ගෙන්ද ඒ පිළිබඳව විමසා තිබෙනවා.

නමුත් ධීවරයින් පවසා ඇත්තේ අදාළ කොටි ධජයන් රාත්‍රි කාලයේදී කිසියම් පිරිසක් විසින් එලා ඇති බවටත් කිසිදු ධීවරයෙක් ඒ බව දැක නොමැති බවටත්ය.

මුලතිව් පොලීසිය විසින් අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණයක් අරඹා ඇති වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post