News Line| Off Air
Generic placeholder image

Dec
19

චීනයෙන් ලංකාවට බිලියනයක ප්‍රධානයක්

651 Views


චීනයෙන් ලංකාවට බිලියනයක  ප්‍රධානයක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුනා.

පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික  වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්‍රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණා.

සංකේතාත්මකව ජල බවුසර් 02 ක් මෙහිදී නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, ප්‍රදානයට අදාළ යතුරු සහ ලිපි ලෙඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වන ලැබුවා.

ජනාධිපතිතුමා එම ලිපි ලේඛන ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.

අනතුරුව ජනාධිපතිතුමා ජල බවුසර් නිරික්ෂණය කිරීමට ද එක් වුණා. 


News Articles
Latest Videos
Most Popular Post