ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා.සවස 06.30ට එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි.
ඒ අනුව මෙම හමුවට සහභාගී වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා තිලංග සුමතිපාලට ජනාධිපතිවරයා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.