එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහ නරග සභාවේ 2019 අයවැය ලේඛණය සම්මත කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
ශ්‍රීලනිපය නියෝජනය කරන විපක්ෂ නායක එම්.එච්. මන්සිල් ඇතුළු පිරිසක් මෙහිදී අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළා.
මෙහිදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 77ක් ලැබුණු අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
ඊයේ (18දා) පෙරවරු කාලයේ ඉදිරිපත් කළ අයවැය ලේඛණය පිළිබඳ විවාදය රාත්‍රිය වනතුරු පැවැති අතර, ඡන්දය විමසීම අනතුරුව සිදුවුවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 60ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 23ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 12ක්ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන 06ක්ද ලැබී තිබුණා.