රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදුවූ අතර, අග්‍රාමාත්‍යවරයා ඇතුලූව අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් සංඛ්‍යාව 29 ක්. අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල රැස්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණා.
එහිදී අතුරු සම්මත ගිණුමට අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ. හෙට දිනයේදී මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතව තිබෙනවා.