News Line| Off Air
Generic placeholder image

Dec
20

මෙවර ශ්‍රී පාද වන්දනා සමය විශේෂයි | පරිසර හිතකාමීව වන්දනාවේ යෙදෙන්න – ශ‍්‍රී පාදස්ථානාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්

1027 Views


මෙවර ශ්‍රී පාද වන්දනා සමය විශේෂයි | පරිසර හිතකාමීව වන්දනාවේ යෙදෙන්න – ශ‍්‍රී පාදස්ථානාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්

ශ‍්‍රී පාද වන්දනා සමය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතයි. ශ‍්‍රී පාද පත්මය පිහිටුවා වසර 2 600 ක් සපිරීම මෙවර වන්දනා සමයේ විශේෂත්වයක්.ඒ වෙනුවෙන් වන විශේෂ ආශීර්වාද පිංකම් මාලාවක් මෙවර උදුවප් පොහෝ දිනයේදී ශ‍්‍රී පාද මලූවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඊට සමගාමීව සාධාතුක කරඩුව සමන් දේව ප‍්‍රතිමාවන් සහ දේවාභරණ වලට චාරිත‍්‍ර විධි පවත්වා සිදු කරන පුද සිරිත් අද පස්වරු 6 යි 19 සිට හෙට අලූයම 4 30 දක්වා පැවැත්වෙන්නේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහා විහාරයේදීයි.ඉන් අනතුරුව එම විහාරස්ථානයේ සිට පිටත්වන සර්වඥ ධාතූ සහිත සමන් දේව ප‍්‍රතිමාව රැුගත් රිය පෙරහර රත්නපුර රජමාවත අවිස්සාවේල්ල යටියන්තොට හැටන් මාර්ගය ඔස්සේ බලංගොඩ බගවන්තලාව මස්කෙළිය මාර්ග හරහා උදුවප් පොහෝ දිනයේදී ශ‍්‍රී පාද උඩුමලූව දක්වා වැඩමකරවීමට නියමිතයි.

ශ‍්‍රී පාද වන්දනා පෙරහර පුජෝපහාර මෙවරත් සමන් දේවාලයේදී සිදු වන අතර එය විවෘත කිරීම අද අලූයම සිදු කෙරුණා.

ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් සදහන් කලේ ශ‍්‍රී පාද වන්දනා සමය පරිසර හිතකාමී ලෙස සිදු කරන මෙන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post