News Line| Off Air
Generic placeholder image

Dec
24

ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමට අවුරුදු 07ක ක්‍රීඩකයෙක් කැඳවයි | Video

1554 Views


ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමට අවුරුදු 07ක ක්‍රීඩකයෙක් කැඳවයි | Video

ඉන්දියාව සමග අනිද්දා (26) මෙල්බර්න් හිදි ආරම්භ විමට නියමිත 3 වන ටෙස්ට් තරගය සදහා අවුරුදු 7ක් වයසැති ක්‍රිඩකයෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නම් කර තිබෙනවා.ඔහු නමින් ආර්චී ෂීලර්. මෙම සත් හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රිඩකයා ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකයා ලෙසට ද කටයුතු කර ඇති බවට නිත්‍ය නායක ටිම් පේන් ඊයේ පැවති උත්සවයකදි දැනුම් දුන්නා.

ඉතා දුර්ලභ ගණයේ හදවත් රෝගයකින් පෙලෙන මෙම සත් හැවිරිදි දරුවාගේ එකම ආශාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරිම බව ඔහු සිය පියාට පවසා තිබෙනවා. මේ බව එරට ක්‍රිකට් ආයතනය දැනුවත් කිරිමෙන් පසු ඔහුට එම අවස්ථාව ලබා දීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය සංචාරය ආරම්භ විමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණු සැසියටද මෙම සත් හැවිරිදි දරුවා සහභාගිවු අතර එහිදී ඔහුට කණ්ඩායමේ සමාජිකත්වය ලබා දීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.ඕස්ට්‍රේලියානු දඟ පන්දු ක්‍රිඩක නේදන් ලයන් ගේ සහයක පන්දු යවන්නා ලෙස ආර්චී ෂීලර් ඉන්දියාවට එරෙහිව තුන්වන ටෙස්ට් තරගයේදි ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම මේ කුඩා ක්‍රීඩකයාගේ එකම අරමුණ විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීම බව ඔහු ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් කෝලි පවසා සිටියේ එම අරමුණ වෙනුවෙන් තමන් කැමැත්තෙන් දැවී යාමට අසාවෙන් පසුවෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post