News Line| Off Air
Generic placeholder image

Dec
24

අළුත් පාසල් වාරය මුලදීම නිල ඇඳුම් වවුචර් පාසල්වලට

769 Views


අළුත් පාසල් වාරය  මුලදීම  නිල ඇඳුම් වවුචර් පාසල්වලට

2019 පාසල් වාරය ආරම්භ වූ සැනින් සිසුසිසුවියන්ට නිලඇඳුම්වවුචර් ලබාගත හැකි වන බවත්, මේ පාසල් නිල ඇඳුම් වවුචර් හැකි ඉක්මනින් පාසල් වෙත යැවීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

නිල ඇඳුම්වවුචර්හි වලංගු කාලසීමාව 2019 පෙබරවාරි 28 දා දක්වා දීර්ඝ කරන බවත් ඒ අනුව කිසිදු ගැටලුවකින් තොරව සිසු සිසුවියන්ට තමන්ගේ නිලඇඳුම් ලබාගැනීමට අවස්ථාව උදාකරදෙන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය අනුගමනය කළ ප්‍රතිපත්ති සියල්ල කඩකරමින් එමෙන්ම පසුගිය දින 50ක කාලය තුළ පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම් රැසක් සිදුව ඇති බවත් මෙම සියලු කරුණු පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පිළිබඳ සඳහන් කරමින් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“අපි ආරම්භකරපු සුරක්ෂා රක්ෂණය අඩාළ වෙලා තිබුණා. එහි කටයුතු ඉතා ඉක්මනින් අපි යථාතත්ත්වයට පත්කරනවා. පාසල් දරුවන්ගේ නිලඇඳුම් වවුචරය බෙදන්න කටයුතු කරලා තිබුණේ නැහැ. ඉතාම ඉක්මනින් එය බෙදන්න කටයුතු කරනවා. ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යපෘති වගේම, වසර 13 ක අධ්‍යාපන කටයුතුත් අඩාළ වෙලා තිබෙනවා. මේ සියල්ල ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කරන්න අපි කටයුතු කරනවා. අධ්‍යාපනය කියන්නේ රටේ දරුවන්ගේ අනාගතය. එය කඩාකප්පල්කරන්න හොඳ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post