News Line| Off Air
Generic placeholder image

Dec
24

සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා – GMOA

1350 Views


සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා – GMOA

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

වැසි ජලයෙන් හා ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිමට වෛද්‍යවරුන් ස්වෙච්ඡාවෙන් සේවය කරන බවත් අවශ්‍ය තරමට වෛද්‍යවරුන් යොමු කිරිමට සූදානම් කර තිබෙන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසනවා.

මීට අමතරව බෝ නොවෙන රෝග පාලනය කිරිමට අවශ්‍ය කටයුතු පවා සිදුකර තිබෙන බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post