News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

ශ්‍රී ලන්කන් වෙත ජාත්‍යන්තර සම්මානයක්

1294 Views


ශ්‍රී ලන්කන් වෙත ජාත්‍යන්තර සම්මානයක්

ඉන්දීය සාගර කළාපයේ පියාසර කරන ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ. පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගිය දා පැවැති 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී මෙසේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර වුණා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග එයා ඕස්ට්‍රේලියා , එයා ප්‍රාන්ස් , එයා ඉන්ඩියා , එයා ෂීෂෙල්ස් , එයා ඒෂියා , බ්‍රිටිෂ් එයා වේස් , එමිරේට්ස් , ඉටිහාඩ් , K.L.M.(කේ.එල්.එම් .) , ලුෆ්තන්සා , කටාර් එයා වේස් සහ තුර්කි ගුවන් සේවය යන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා තරග වැදී තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත 13 ක් වෙත , සතියකට ගුවන් ගමන් වාර 119 ක් ද , මීට අමතරව ඩකා , කරච්චි , ලාහෝර් ,මාලදිවයින මෙන්ම මැද පෙරදිග , ඈත පෙරදිග යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වෙත ද සිය ගුවන් ගමන් සේවා සැපයීම සිදු කරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post