News Line| Off Air
Generic placeholder image

Dec
27

මහේල – සංගා අභියෝග කුසලානය හෙට සිට

833 Views


මහේල – සංගා අභියෝග කුසලානය හෙට සිට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රධානතම පාසල් දෙකක් වන කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂික ක්‍රිකට් තරගය එම විදුහල් දෙකෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් ඇගයීමක් ලෙස ‘මහේල – සංගා අභියෝග කුසලාන’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.මහේල සහ සංගක්කාර යන දෙපළ ශ්‍රී ලංකා සහ ලෝක ක්‍රිකට් පිටියට ක්‍රීඩා කළ කාලයේ මෙන්ම ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ද ලබාදුන් ආදර්ශය අනාගත පරපුරට උකහාගැනීම සඳහා එම කුසලානයට ‘Sprit of cricket legacy for future generation’ ලෙස පාඨයක් ද එකතු කර තිබේ.

මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ මහේල ජයවර්ධන මහතා පැවසුවේ තමන්ගේ සහ තම ක්‍රිකට් සගයාගේ නමින් අභියෝග කුසලානයක් නම් කිරීම පිළිබඳව වඩාත් සතුටු වන බවයි.

“මම සෑම විටම අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙනවා. අපිට ඕන හොඳ ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන එන්නයි අපි දෙන්නගේ නමින් මෙම කුසලාන නම් කිරීම මට සහ ඔහුට විශාල ගෞරවනීය අවස්ථාවක්” 

කුමාර් සංගක්කාර මහතා මෙහිදී පැවසුවේ පුද්ගලයකුගේ තත්ත්වය මැනිය හැක්කේ ඔහු රැස්කර තිබෙන ලකුණු හෝ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාවෙන් නොව සදාචාරය, හික්මීම සහ වගවීම වැනි සුවිශේෂි කරුණු පිළිබඳව අවධානය යොමු කර බවයි.

“මෙය අපි දෙන්නටම සුවිශේෂි අවස්ථාවක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තාට පසුව වසර ගාණක් ගියාම එහෙන් මෙහෙන් නම් අමතක වෙලා යනවා. ඒ නිසා මේ තරගය අපේ නමින් නම් කිරීම ලොකු සතුටක්ඒ වගේම කිසිඳු බේදයකින් තොරව ක්‍රීඩා කරන කණ්ඩායමකට දැන් ඉතිරි වෙලා තියෙන්නේ පාසල් කණ්ඩායම් පමණයි. ජාත්‍යන්තරයට යන විට පාසලෙන් ගෙන යන සහයෝගය වැනි දේවල් නැතුව යන තත්ත්වයක් තිබෙනවා අපි දෙන්නා ලොකු පිනක් කරලා තියෙනවා කුඩා කාලයේ සිට මේ වගේ පාසල් දෙකකට ඇතුළත් වෙලා ජීවිතය සාර්ථක කරන්න ගන්න ලැබීමෙන්” යැයි සංගක්කාර වැඩි දුරටත් පැවසීය.

මෙවර මෙම තරගය කොළඹ නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය 88 කණ්ඩායම එම විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සහ ආදි නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කරන අතර එය හෙට සහ අනිද්දා කොළඹ නාලන්දා විදුහල් පිටියේදී පැවැත්වේ.


News Articles
Latest Videos
Most Popular Post