News Line| Off Air
Generic placeholder image

Dec
31

බංග්ලාදේශ මැතිවරණයේ ජය ශෙයික් හසීනාට

504 Views


බංග්ලාදේශ මැතිවරණයේ ජය ශෙයික් හසීනාට

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ පාලක පක්ෂය ඊයේ පැවති මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා.

බංග්ලාදේශ මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒ අනුව ශෙයික් හසීනා තුන්වැනි වරටත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වනු ඇති බවයි.

ශෙයික් හසීනාගේ පාලක පක්ෂය වන අවාමි ලීගය මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 281 ක් ජයග්‍රහණය කළේ, මීට පෙර එම පක්ෂය ලබාගත් මැතිවරණ ජයග්‍රහණය ද ඉක්මවා යමිනි.

ආසන 350 කින් යුත් බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ජන්ද විමසීම පැවැත්වූයේ ආසන 300 කට අදාළවයි.

කෙසේ වෙතත් මෙය දූෂණ සහ අක්‍රමිකතා සිදුවු මැතිවරණයක් බවට චෝදනා කරන විපක්ෂය මෙය සිනහ උපදවන උපහාසාත්මක මැතිවරණයක් බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු ආසන 350 කින් හතක් පමණක් දිනාගත් බංග්ලාදේශ විපක්ෂ නායක කමල් හොසේන් මෙම ප්‍රතිඵල අවලංගු කර නව මැතිවරණයක් පවත්වන ලෙස ද මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

රට පුරා ප්‍රදේශ රැසකින් මැතිවරණ අක්‍රමිකතා සිදුවූ බව වාර්තා වූ හෙයින් ඒ පිළිබඳ විමර්ශන පවත්වන බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම රොයිටර් පුවත් සේවය අමතා ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණය පැවැත්වූණු ඊයේ දින තුළ පමණක් පාලක පක්ෂය සහ විපක්ෂ ආධාරකරුවන් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ශෙයික් හසීනාගේ අවාමි ලීගය බංග්ලාදේශ පාලනය කරන්නේ 2009 වසරේ සිටයි.

මැතිවරණ අක්‍රමිකතා සහ බලපෑම් එල්ල වන බව පවසමින් බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ සන්ධාන අපේක්ෂකයන් 28 දෙනෙකු ජන්ද විමසීම අවසන්වීමට පෙර මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත්විය.

මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වූ ශෙයික් හසීනා සඳහන් කළේ, විපක්ෂය අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post