News Line| Off Air
Generic placeholder image

Jan
2

ආසියාවේ දුර්වලම විනිමය අතර ශ‍්‍රී ලංකා රුපියලත්

463 Views


ආසියාවේ දුර්වලම විනිමය අතර ශ‍්‍රී ලංකා රුපියලත්

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට ගනිමින්.ඉකුත් 2018 වසරේ ජනවාරී 02 වැනිදා වනවිට අමෙරිකානු ඩොලරයක් සටහන් වුයේ රුපියල් 153.46ක් ලෙසයි. එහෙත් වසර අවසන් වනවිට එය දැක්වුණේ රුපියල් 184.63ක් ලෙසයි. ඒ අනුව ගත වූ වසරේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 19කින් පමණ අවප‍්‍රමාණය වී ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post