News Line| Off Air
Generic placeholder image

Jan
2

ජොන්ස්ටන්ගේ නඩුවට කුමක් සිදුවෙයිද? තීරණය ලබන 29

553 Views


ජොන්ස්ටන්ගේ නඩුවට කුමක් සිදුවෙයිද? තීරණය ලබන 29

සාධාරණ හේතුවක් නොමැතිව වසර පහක් සිය වත්කම් බැරකම් පිළිබද වාර්ෂික ප‍්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) තීරණය කළා.

කොළඹ හිටපු ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ මෙම නඩුව විභාග කිරීමේදී ඉදිරිපත් වු සාක්කි වර්තමාන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ පිළිගැනීමට පැමිණිලි හා විත්ති පාර්ශවයන් එකඟ වීමෙන් අනතුරුව දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය එලෙස තීරණය කළා.

2010 වර්ෂයේ සිට 2014 වර්ෂය සදහා වසර දක්වා වසර පහකට අදාළව සිය වත්කම් බැරකම් පිළිබද වාර්ෂික ප‍්‍රකාශය සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් වත්කම් ප‍්‍රකාශයේ වගන්ති උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඒ අනුව මෙම නඩුව ලබන 29 වැනිදා යළි කැදවීමට නියම කළ මහේස්ත‍්‍රාත්වරිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post