News Line| Off Air
Generic placeholder image

Jan
2

රණසිංහ ප්‍රේමදාස මහතාටත් වඩා තමන් නිවාස ඉදිකළා කියලා විහිළු කරන්න එපා

1210 Views


රණසිංහ ප්‍රේමදාස මහතාටත් වඩා තමන් නිවාස ඉදිකළා කියලා විහිළු කරන්න එපා

රණසිංහ ප්‍රේමදාස මහතාටත් වඩා තමන් නිවාස ඉදිකළ බව පවසමින් ඇතැම් පුද්ගලයන් ජනතාවට විහිළු සපයමින් සිටින බවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.අමාත්‍යවරයා පැවැසුවේ මෙවැනි විහිළු සහගත ප්‍රකාශ කර ජනතාව සමච්චලයට ලක් නොකළ යුතු බවය.

තම පියාගේ නිවාසවලට කුකුළු කූඩු යැයි ඇතැමුන් එකල පතුරු යනතුරු දෝෂාරෝපණය කළද මීට වසර කිහිපයකට පෙර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවා විදෙස් රටවලට ගොස් තම පියාගේ නිවාස වාර්තා පෙන්වමින් තමන්ට ලකුණු දාගත් බවද අමාත්‍යවරයා පැවැසීය.අමාත්‍යවරයා මේ බව පැවසූවේ කැකිරාව ඉහළගම ඉදිකෙරුණු 145 වැනි “දිවිනැඟුම” සහ 146 වැනි “හිරු කිරණගම” උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව ජනතාව අමතමිනි.

කෙසේ වෙතත් මින්පෙර කිසිඳු පාලකයෙකුට වඩා තමන් නිවාස ඉදිකළ බව ප්‍රකාශ කළේ අමාත්‍ය පාඨලී චම්පික රණවක විසිනි.


News Articles
Latest Videos
Most Popular Post