News Line| Off Air
Generic placeholder image

Jan
2

ඇමතිවරු, සභාපතිවරුන් පත්කිරීමේ අර්බුදයක

2356 Views


ඇමතිවරු, සභාපතිවරුන්  පත්කිරීමේ අර්බුදයක

නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට ආයතන බෙදාදීමට කටයුතු කළද, එම ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත් කිරීම දැඩි අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා සහරාජ්‍ය ව්‍යවසායකයන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී කමිටුවක් පත්කර තීබීම ඊට හේතුවයි.

පසුගිය කාලය තුළ බොහෝ විට අමාත්‍යවරුන්ට ආයතන ලැබුණු විට එහි සභාපති ධුර සඳහා තම හිතවතුන් හෝ ඔහු නියෝජනය කරන පක්ෂයේ අධාරකරුවන් පත් කිරීමට කටයුතු කෙරිණි.

කෙසේ වෙතත් නව කමිටුව මගින් එම අවස්ථාව අහිමිව ගොස් ඇති හෙයින් නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට තම හිතුවතුන් හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වූවන් පත් කිරීමට අවස්ථාව නොලැබීමෙන් සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත් කිරීම ‘සිර වී’ තිබෙනවා.

මෙය අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති අතර, අද (02දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන්ගේ සූදානමක් ඇති බවද වාර්තා වෙනවා.

නොවැම්බර් මස අවසාන සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී අදාළ කමිටුව පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

එම කමිටුව හරහා ලබාදෙන නිර්දේශ මත නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සිදුවෙනවා.

පිළිගත් උපාධියක්, වෘත්තීය සුදුසුකම් හා දීර්ඝ වෘත්තීය පලපුරුද්ද අනුව ඉදිරියට එම නිලධාරීන් පත් කිරීමට නියමිතයි

මෙම කමිටුවේ සභාපති ලෙස ජනාධිපති ලේකම්වරයා කටයුතු කරන අතර, එහි අනෙකුත් නියෝජිතයන් වූයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න, අගමැතිවරයා පත්කරන නියෝජිතයන් දෙදෙනෙකු සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කරන පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post