News Line| Off Air
Generic placeholder image

Jan
2

කවුරු මඩ ගැහුවත් මගේ ස්ථාවරයේ වෙනසක් නෑ

1034 Views


කවුරු මඩ  ගැහුවත්  මගේ ස්ථාවරයේ වෙනසක් නෑ

රාජ්‍ය පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල සමග පෞද්ගලික පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල එක්කර වාර්තා සැකසීම ඉතිහාසයේ මෙතෙක් සිදුව නොමැති බවත් ඒ අනුව මෙවර උසස් පෙළ ප්‍රතිඵල එලෙස නිකුත් කිරීම අධ්‍යපානය පෞද්ගලීකරණය කිරීම සඳහා වන කුමන්ත්‍රණයක් ලෙස තමන් දක්නා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (02දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා මාධ්‍ය මගින් කොතෙක් පහර දුන්නද තම පාර්ශ්වයේ කකුල් දෙකම රජයේ පාසල් පාර්ශ්වයේ තබා ඇති බවද පවසා සිටියා.

ඊයේ දිනයේදී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක්ද වන බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ උසස්පෙළ කලා අංශයේ දිවයිනේම පළමුවැනියා ජාත්‍යන්තර පාසලකින් බිහිවීම කුමන්ත්‍රණයක් බවයි.

කෙසේ වෙතත් මේ වනවිටත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් බෝහෝ දෙනෙක් සිය විරෝධතාව ප්‍රකාශ කරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post