වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්යා පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් කතාබහට ලක්ව තිබේ. එහිදි ඇය සටහන් කර තිබුනේ “ක්‍රීඩා ඇමති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙන කොට, චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියල හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැක ගන්න ගෙදරට ඇවිත්” යනුවෙනි.
එම සටහන අඩංගු ඡායාරූපය ටාන්යා විසින් එක් කර තිබුනේ “ඵූර් ඵන්ඩස්” යන උද්දෘතය සමගිනි. පැන්ඩා යන අන්වර්ථ නාමයෙන් කණ්ඩායමේ හඳුන්වන්නේ තිසර පෙරේරා විම විශේෂත්වයකි. කෙසේ වෙතත් පසුව ටාන්‍යා විසින් ඡායාරූපයේ පූර්වීකාව සංස්කරණය කරමින් “පැන්ඩා” යන කොටස ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනි. තිසර පෙරේරා සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දෙදෙනාම කොළඹ ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයන් ද වනවා.